Thursday, July 21, 2011

.

ශ්‍රී ලංකාව ප්‍රථම පදක්කම දිනයි

බ්රසීලයේ ක්රියාත්මක පස්වන ජගත් ආරත්ෂක මලල ක්රීඩා උළෙලේ පස්වන දිනය වූ ඊයේ ශ්රී ලංකාව මෙම තරගාවලියේ ප්රථම පදක්කම ලෙස මීටර් 4×400 ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගනිමින් ලෝකඩ පදක්කම දනා ගැනීමට සමත් වූවාය. විනාඩි 3:44.32 ක කාලයකින් මෙම ඉසව්ව අවසන් කළ ශ්රී ලංකා කණ්ඩායමට චම්පිකා දිල්රුක්ෂි,එස්වීඒ කුසුමාවතී,මේනකා වික්රමසිංහ සහ චන්ද්රිකා සුභාෂණී ඇතුළත් වූ අතර ශ්රී ලංකා ආරක්ෂක සේවා මේ පිළිබදව මීට වඩා අවධානය යොමු කළේ නම් ශ්රී ලංකා ආරක්ෂක සේවාවන් ට මීට වඩා යහපත් දක්ෂතා ඇති කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබිණ.මෙම ඉසව්වේ ප්රථම ස්ථානය බ්රසීලය දිනා ගත්තේ විනාඩි 3:32.42 ක කාලයක් වාර්තා කරමින් වන අතර ඩොමිනික් රාජ්යය දෙවන ස්ථානයට පත් වූයේ විනාඩි 3:38.75 ක කාලයක් වාර්තා කරමින් ය.

මේ අතර ඊයේ මීටර් 400 කාන්තා තරග ඉසව්වේ මූලික තරග වලට ඉදිරිපත් වූ චන්ද්රිකා සුභාෂණී ජගත් ආරක්ෂක මලල ක්රීඩා ඉතිහාසයේ එම ඉසව්ව වෙනුවෙන් ශ්රී ලංකා ක්රීඩිකාවක දැක් වූ හොදම කාලය වාර්තා කරන්නට සමත් වූවාය.තත්පර 52.93 ක කාලයක් වාර්තා කරමින් ඇය සිය මූලික තරගයේ දී දෙවන ස්ථානය ලබමින් අවසාන තරගයට සුදුසුකම් ලැබුවාය.මේ අතර මීට දින කිහිපයකට කළින් ඇය පරාජයට පත් කරමින් ආසියානු මලල ක්රීඩා සූරතාවලියේ දී රන් පදක්කම දිනූ යුක්රේනය නියෝජනය කළ ඔල්ගා ටෙරෙස්කෝවා මෙම මූලික තරගයේ දී චන්ද්රිකා ට පරාජය වීම කැපී පෙණීන.

කෙසේ හෝ චන්ද්රිකා සහභාගි නොවූ අනෙක් මූලික තරගයේ දී නව ක්රීඩා උළෙල වාර්තාවක් බිහි වූ අතර එය බ්රසීලයේ කව්තිනෝ ගෙයිකා විසින් තත්පර 52.03 ක කාලයක් වාර්තා කරමින් දිනා ගත්තාය.එම තරගයට සහභාගි වූ ඉන්දියාවේ පැවති ජගත් ආරක්ෂක ක්රීඩා උළෙලේ මීටර් 400 රන් පදක්කම ලංකාවට දිනා දුන් මේනකා වික්රමසිංහ තත්පර 57.53 ක කාලයක් වාර්තා කරමින් එම තරගයේ සිව්වන ස්ථානය ලැබුවාය.

ශ්රී ලංකාවේ පළපුරුදුම සහ අත්දැකීම් බහුලතම ක්රීඩකයෙකු වන චමින්ද විජේකෝන් ඊයේ මීටර් 1500 ඉසව්වේ තමා සහභාගා වූ මූලික තරගයේ දී තෙවන ස්ථානය දිනා ගනිමින් අවසාන පූර්ව වටයට පිවිසිණි.අද චමින්ද ඒ අනුව එම ඉසව්වේ අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලැබූ අතර දමින්ද මූලික තරගයේදී වාර්තා කළ කාලය ඔහුට තරම් තරම් නොවුණු අතර එම කාලය පෙන්නුම් කරනු ලබන්නේ ඔහු සිය ශක්තිය ඉදිරි වට සදහා ඉතිරි කර ගනිමින් ධාවනයේ යෙදුණු බවකි.

මේ අතර ප්රසන්න අමරසේකර මූලික තරගයේ දී ප්රථම ස්ථානය ලැබුවත් ඊයේ පැවති මීටර් 400 අවසාන පූර්ව තරග වලදී වාර්තා කළ තත්පර 47.29 කාලය, අවසාන තරගය සදහා ඇතුළත් වීමට ප්රමාණවත් නොවිණි.අද ද ප්රසන්න යළි ධාවන පථයට පිවිසීමට නියමිත අතර ඔහු අද මීටර් 4×400 තරග සදහා අනෙකුත් ක්රීඩකයින් සමග තරග බිමට පිවිසෙයි.එසේම අද මීටර් 4×100 පිරිමි කණ්ඩායම ද අද තරග බිමට පිවිසීමට සූදානමින් සිටියි.

ෂෙහාන් අඹේපිටිය අද මීටර් 200 මූලික තරගවලට සහභාගි වන අතර එම කාන්තා ඉසව්ව සදහා සුජානි බුද්ධිකා සහ චන්ද්රිකා සුභාෂණී තරග බිමට පිවිසෙති.චමිපිකා දිල්රුක්ෂි සහ ශානිකා සමන්මලී ද අද තරග බිමට පිවිසෙන අතර ඔවුන් දෙදෙනා තරග වදින්නේ මීටර් 1500 ඉසව්ව සදහාය.

මේ අතර ශ්රීලංකා ජූඩෝ ක්රීඩක ක්රීඩිකාවන්ට මෙන්ම ටයිකොණ්ඩෝ ක්රීඩක ක්රීඩිකාවන්ට ද ඊයේ ද දස්කම් අතරට එන්නට අවස්ථාවක් නොලැබි අතර ඔවුන් අදද සිය දස්කම් සමග තරග බිමට පිවිසීමට නියමිතය.

Fri, Jul 22, 2011 at 5:19 AM